වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

සැමට සරණක්

තමන්ට කරගන්නා දේ නොව තමන් විසින් අනුන්ට කරනා දෙයක් වේ නම් එකරුණින් ඔහු හෝ ඇය අන් අයගෙන් පිදුම් ලබන්නෙක් බවට පත්කරනු ලබයි.

උතුම් ධම්ම පදය ඇසුරිනි

සැමට සරණක්...

අසරණ පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, දුෂ්කර ගම්මානවලට උදව් කිරීම, අවට සියලු විහාරස්ථාන වලට ලක්ෂ ගණනින් උපකාර කිරීම, දහම් පාසල් වලට උපකරණ ලබාදීම, උත්සව සංග්‍රහ කිරීම, විහාරස්ථානයේ වාහනය නොමිලයේ දායක පින්වතුන්ට බෙහෙත් ගැනීමට මෙන්ම අනෙකුත් හදිසි අවස්ථාවලදී ලබාදීම ආදී ලියා කියා අවසන් කිරීමට නොහැකි තරමේ සේවාවක් ජිනවංස තිස්ස හිමියන් විසින් සිදුකෙරේ. 

මෙවන් වූ අපමණ සේවාවක් අවංකවම සිදුකරන නිසාම හිමියන්ට නොඅඩුව ලැබෙන දේවාශිර්වාදය තුලින් අපූරු ගුප්ත බලයක්ද මේ වන විට ලැබී තිබේ.  බොහෝ දෙනෙකුගේ රෝගාබාධයන් සුවකිරීමේ අපූරු හැකියාවක් හිමියන්ට ලැබී ඇති අතර බොහෝ සිත් සතන් නන් අයුරින් සුවපත් කරන්නට උන්වහන්සේට ලැබී ඇති මේ අපූරු හැකියාව තවත් ආශිර්වාදයක්ම වී පවතී.  උන්වහන්සේගෙන් සුවපත්වූ පිරිසගෙන් ලැබෙන ප්‍රශංසාවන් සහ පින්දීම් උන්වහන්සේට තවත් ශක්තියක්ම වනු නොඅනුමානයි. 
මේ සියලු දෑ මෙත් සිතින් ඉටු කරන නාහිමියන් නිහතාමනීව පවසන්නේ “තමන්ට කරගන්නා දේ නොව අනුන්ට කරනා දේම තමන්ව පිදිය යුත්තෙක් බවට පත්කරනු ලබන බවයි.

උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට නිතරම උපකාර කරන්නාවූ කලාවූ අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, පහේ ඇළ පහල, රඹවැව, ගල්වඩුවාගම, වදාකඩ, කිඹුලාකඩ, කොඩිගල ආදී අවට ගම්වාසීන්ගෙන් ලද සහාය අපමණ බව උන්වහන්සේ නිතරම පවසන්නේ ඔවුනට ආශිර්වාද කරන ගමන්මය.  
මෙවන් වූ අපමණ සේවයක් නිසාම උන්වහන්සේට බොහෝම කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නාවූ “අසරණ සරණ“ ගෞරව නාමයද හිමිව තිබේ.  ශ්‍රී රතනවංස රාහුලතිස්ස වංසාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිඨක වාගීශ්වරාචාර්ය අසරණ සරණ යන ගරු නාම සහිත අමරපුර මූලවංශික නිකායේ උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන්ද ජිනවංස තිස්ස හිමියන් පුදනු ලැබීය. 

මෙය බෙදා හරින්න

Email WhatsApp