වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

නික්ම යෑම

පෙනෙන නො පෙනෙන බොහෝ පිරිසකට මහා උපකාරයක් වූ... ගම් නියම්ගම් රැසකට මහා සරණක් වූ... වචනයෙන් කියා නිම කල නො හැකි මෙහෙවරක් කලා වූ... අපගේ උතුම් නායක හිමිපාණන් වහන්සේගේ නික්ම යෑම!

කොතරම් ශාරීරික අපහසුතාවයන් තිබුණ ද තමන් වහන්සේගේ වගකීම් යුතුකම්  නොපිරිහෙලා ඉටු කරමින් හැකි උපරිමයෙන් මහා පිරිසකට සෙත සලසා දෙන්නට උතුම් ජිනවංශ තිස්ස නා හිමිපාණන් කල කැපකිරීම් අනන්තයි අප්‍රමාණයි!

වචනයෙන් කියා නිම කල නො හැකි සේවයක් සිදු කර 2022 වසරේ දෙසැම්බර් මස 06 වන දින උන්වහන්සේ අප අතරින් නික්ම ගිය සේක!

දෙසැම්බර් මස 07 වන දා පටන් 10 වන දා දක්වා උන්වහන්සේගේ දෑතින් දිනෙන් දින බැබළ වූ වෙහෙර බැන්ද කුටිය රජ මහා විහාරස්ථාන භූමියේ උන්වහන්සේගේ දේහය තැන්පත් කොට පෙනෙන නො පෙනෙන සැමට අවසන් ගෞරව දැක්වීම පිණිස ඉඩ සලසා දෙන ලදී. 

උන්වහන්සේ විසින් සිදු කල අනන්ත වූ පුණ්‍ය කුසල ශක්තීන් ගේ බලයෙන් ද... උන්වහන්සේ ට වූ ධර්ම ඥානයේ බලයෙන් ද... උන්වහන්සේ නිවන් සුවයෙන් ම සුවපත් වෙත්වා!!!

මෙය බෙදා හරින්න

Email WhatsApp