සත්පුරුෂයන් දුරසිටියද හිමවත් පර්වතය මෙන් ප්‍රකට වේ. එහෙත් අසත්පුරුෂයා රෑ කල විඳින ලද හීයක් මෙනි... එහෙයින් සත්පුරුෂ ගුණ වැඩීමම මැනවි
ගෞරවණීය අන්දමින් මෙම පුණ්‍ය භූමියද පවත්වාගනිමින් අවට ගම්වාසී පිහිටක් අවශ්‍ය කරන බොහෝ දෙනාට කායික වශයෙන් මානසික වශයෙන් අවශ්‍ය කරන්නාවූ සුවය නිසි ලෙසින් තෝරා බේරාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට තිස්ස හිමියන් කටයුතු කරන ආකාරය සැබැවින්ම සැමට සමසේ පිහිටවන තෙරුවණම සිහිපත් කරවයි.
පන්සලෙන් බැහැරව සිටින... ධර්මයෙන් බැහැරව සිටින ගම් වැසියන් පන්සලට ආකර්ශණය කරගැනීම පිණිස වැලිසර ජිනවංශ තිස්ස හිමියන් ප්‍රඥාවන්තව කටයුතු කරයි. ඒ ඔවුනගෙන් ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් නොව යමෙකුට පිහිට සරණ ඇත්තේ මේ තෙරුවණ සරණ යෑමෙන්ම බව උන්වහන්සේ දන්නා නිසාම ඒ සරණ ලැබගැනීමට ඔවුන්ව ආකර්ශණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතිවමය.
විදුලිය ජලය ආදී මූලික පහසුකම්වත් නොමැතිව ඉතාමත් දුෂ්කරතාවයෙන් සිටින ගම්වැසියන්ගේ සිත් සතන් තුටු කිරීමට කටයුතු කල තිස්ස හිමියන් ඉතාමත් සුළු කාලයකින් මුළු ගමටම තෙකලා විදුලිය ලබාදීමට ලැබීම ගැන බොහෝ සෙයින් සතුටු වේ. එම කටයුත්තේදී තමන්ට උදව්වූ උතුරු පළාත් භාර විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගුණතිලක මැතිතුමන්ව නිතර සිහිකොට ආශිර්වාද කරයි.
ප්‍රදේශයේ පානීය ජල යෝජනා ක්‍රමය ගැන ඉතාම සැලකිලිමත් වු මුන්වහන්සේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපකාර නොඅඩුව ලබාගනිමින් තලාව ජල කුළුණ භාරව ක්‍රියා කරන අජිත් මහතාගේද සහයෝගය ලැබ කිලෝමීටර් ගණනක් ජල නල යොදා සෑම නිවසකටම නල ජලය ලබාදීමට ක්‍රියාකිරීම සියලු දෙනාගේම ප්‍රසාදයට හේතුවී තිබේ.
එපමණකින් නොනැවතී ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන විධායක වශයෙන් කටයුතු කල ලලිත් ද සිල්වා මැතිතුමාගේ සහයෝගයද ඇතිව මුළු ගමේම ටෙලිකොම් දුරකථන පහසුව ලබාදීමටද හැකිවීම උන්වහන්සේගේ සේවයේ තවත් එක් අවස්ථාවකි.
මාර්ග කාපට් කිරීම, තෙකලා විදුලිය ලබාදීම, ජල නලය සහ දුරකථන පහසුකම් ලබාදීම ආදී වල් වැදී තිබූ මුළු ගමක්ම මූලික පහසුකම් සපයා දෙමින් සංවර්ධනය කරගැනීමට නොඅඩුව අතහිත දුන්නාවූ හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, ගාමිණි සෙනරත් ලේකම්තුමාටත්, ඩබ්.බී. ඒකනායක නියෝජ්‍ය අමාත්‍යතුමාටත්, ශ්‍රීමත් ආණ්ඩුකාරතුමන්ටත් නිතර පිං දෙන අපේ තිස්ස හාමුදුරුවෝ සෑම වෙසක් දිනකම පාර දෙපස කිලෝමීටර් ගණනාවක් පහන් දල්වා මේ සැමටම මෙත් ආශිර්වාදය පතුරවා හරියි.
නීතීඥ අනෝමා දිසානායක මැතිණිය සභාපතිත්වය දරන ජයසේන දිසානායක පදනමේ සහාය ලැබ තමන්වහන්සේගේද මැදිහත්වීමෙන් වැඩිහිටි අම්මලාට බෙහෙත් හේත් ගැනීමටත් වන්දනාමානාදී කටයුතු සඳහාත් මාසිකව මුදලක් ලබාදීම උන්වහන්සේ සිදුකරන සේවාවන් අතර තවත් සේවාවකි. රුවන්වැලි මහාසෑය අභියසදී රණවිරුවන් උදෙසා වසර දහතුනක් (13) තිස්සේ කෘතෝපහාර පින්කමක්ද තිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවේ.