වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

දරුවන්ට සතුටක්

මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දන් දෙත්ද, මසුරුකම පහකලෝ වෙත්ද, බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී දැඩි ගෞරව ඇත්තාහු වෙත්ද, ඔවුහු යම් තැනක උපදනාහුද, එහි බබළත්...

මච්ඡෙර සූත්‍රය

පාසල් උපකරණ බෙදා දීමේ සත්කාරය...

ජිනවංශ තිස්ස හිමියන් විසින් අවට ගම්මාන වලට නිතර පිහිට වී ඒ ඒ ගම්වැසියන්ව මානසිකව මෙන්ම කායිකවද සුවපත් කරමින් යහපත් ජීවන මඟක් උදාකර දෙනවා. පාසල් උපකරණ ගත නොහැකිව අපහසුවට පත්වී සිටින පාසල් දරුවන්ට පොත් පත් සහ පාසල් උපකරණ ලබාදෙනවා.

2014 වසරේ 65කට අධික පාසල් ලමුන් ප්‍රමාණයකට පොත් පත් සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදුන් අතර පාසල් ලමුන් 100කට සුදු රෙදි ලබා දීම සිදුකලා. එම වසරේදී එම කටයුත්ත වෙනුවෙන් දයා ගමගේ පදනම මඟින්ද උපකාර ලබාදුන්අ තර ඒ කටයුතු සම්බන්ධීකරණය කරදෙමින් හිමියන්ට බොහෝ උපකාර කර දෙන්නට දිනේෂ් මහතා මැදිහත් වූවා.

2015 වසරේදී 200කට ආසන්න පාසල් ලමුන් ප්‍රමාණයකට පාසල් බෑග්, පාසල් සපත්තු, පාසල් පොත්, පාසල් නිල ඇඳුම් සඳහා සුදු රෙදි සහ තවත් පාසලට අවශ්‍ය කරන දෑ සහිත තෑගි පාර්සලයක් ලබා දෙන්නට හිමියන් විසින් කටයුතු කරන ලදී. එම කටයුත්ත සඳහා නිලංගනී මහත්මිය, තමරා මහත්මිය සහ නිර්වාණ ධර්ම සඳහම් සත්කාරය විසින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම හිමියන්ට මහත් ශක්තියක් විය.

මෙම වැඩසටහන තුලින් පාසලට අවශ්‍ය කරන පොත් පත් ලබාදීම, පාසල් උපකරණ ලබාදීම මෙන්ම දෙමව්පියන්ගේ සෙනෙහෙස නොලබා අසරණ වී සිටින දරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා උපකාර කිරීමද සිදුකරනවා. සෑම වසරකම මෙම වැඩසටහන පවත්වාගෙන යමින් බොහෝ දෙනෙකුට උපකාරයක් වීමට හැකිවෙන්නේ ඔබගේ නොමද සහාය ලැබෙන තරමින්මයි.

පහත සඳහන් ඕනෑම ආකාරයකින් ඔබටද දායකත්වය ලබාගත හැකිය...

  1. වාර්ෂිකව මෙම සත්කාරයට දායකත්වය සැපයීම පිණිස සාමාජිකත්වයක් ලබාගත හැකිය
  2. නව පාසල් බෑග් අප වෙත ලබා දිය හැකිය (පෙර පාසල් - උසස් පෙළ දක්වා වයස් සීමාවට පාවිච්චි කල හැකි විය යුතුය)
  3. නව පාසල් පාවහන් ලබා දිය හැකිය (පාවහන් වල නිසි ප්‍රමාණයන් ලබාගැනීමට විහාරස්ථාන අමතා සම්බන්ධ විය යුතුය)
  4. නිල ඇඳුම් සඳහා සුදු රෙදි ලබාදිය හැකිය (අවශ්‍ය ප්‍රමාණයන් දැන ගැනීම සඳහා විහාරස්ථානය අමතන්න)
  5. පාසල් පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල් ආදී අනෙකුත් පාසල් උපකරණ ලබාදිය හැකිය.
  6. මුදල්මය වශයෙන් ආධාර ලබා දීමෙන් දායකත්වය ලබා ගත හැකිය.

මුදලින් හෝ ඉහත සඳහන් වෙනත් ආකාරයකින් මෙම සත්කාර්යයට දායකත්වය සපයන්නට කැමැත්තේ නම් විහාරස්ථානය අමතා වැඩි විස්තර දැනගැනීමට ඔබටත් මෙසේ අවස්ථාව උදා කර දෙන්නෙමු.

සැඳැහැති ඔබත් දායක වන්න

මෙය බෙදා හරින්න

Email WhatsApp