වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

කරුණාබර හදවතක්

මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දන් දෙත්ද, මසුරුකම පහකලෝ වෙත්ද, බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී දැඩි ගෞරව ඇත්තාහු වෙත්ද, ඔවුහු යම් තැනක උපදනාහුද, එහි බබළත්.

දිවිය සරු කරන සත්පුරුෂ ඇසුර...

අසරණ ගැමියන්ගේ සිතට සහනයක් වන්නට වෙහෙර බැන්ඳ කුටිය රජමහාවිහාරාධිපති හිමියන් විසින් කටයුතු කරන්නේ මහත්වූ පරිශ්‍රමයකිනි. ගැමියන්ගේ හදිසි අවස්ථාවන්ට ප්‍රයෝජනය ගැනීම සඳහා විහාරයේ වෑන් රථය වෙන් කර තබා ඇති අතර ඕනෑම වෙලාවක ඔවුනට එය පරිහරණය කිරීමට අවසර ලැබීම ඔවුනට ලැබී ඇති මහත්වූ සෙතකි.
ඒ හැරුණු කොට අසරණ ගැමියන් බොහෝ පිරිසකට විහාරස්ථානයේම විවිධාකාර අයුරින් කටයුතු කරන්නට ඉඩ හරමින් ඔවුනට රැකියා අවස්ථා ලබාදී ඔවුන්ට සහනයක් වීමට හිමියන් වගකීමෙන් යුතුවම කටයුතු කරයි. වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ආදිය මෙන්ම ඕනෑම අවස්ථාවක තමන්ට හැකි පමණින් මුදලින් ආධාර උපකාර කරන්නට හිමියන් නොමසුරුව කටයුතු කරන්නේ ඒ තුලින් පැහැදෙන පිරිසට ඒ පැහැදීම ඉතාමත් වටිනා නිසාමය. එමෙන්ම ඇස් කාච දමාගැනීමට අවශ්‍යතාවයන් ඇති පිරිස වෙත ඒ අදාල කටයුතු සම්පාදනය කරගැනීම උදෙසාද හිමියන් උපකාර කරයි. දහම් පාසල් ලමුන් සඳහා පලාතේ දහම් පාසල් වෙත පොත පත ලබාදීමද හිමියන් ඉටු කරන දහසකුත් පින්කටයුතු අතර තවත් එකකි...

සටහන් තබා සීමා කරන්නට නොහැකි තරමේ මහත්වූ සේවාවක් ගම් නියම්ගම් උදෙසා ඉටු කරන්නට ගිහි පැවදි දෙපාර්ශවයටම යම් අවශ්‍යතාවයක් මතුවන්නේද ඒවා සොයා බලා තමන්ට හැකි අයුරින් උපකාර කරන්නට හිමියන් කටයුතු කරන්නේ මහා කාරුණික හදවතක් සිත්හි දරාගෙනමය.
ඒ වගේම මෙම විහාර භූමිය නඩත්තු කටයුතු උදසොද හිමියන් කැපවන්නේ ඒවාට ඇති තණ්හා සිතක් නිසාවෙන් නොව මතු පරපුරටද මෙම ඓතිහාසික උරුමයන් ලබා දීමේ උතුම් අරමුණ සිතැතිවමය. මෙම අසීමිත කැපවීම සාර්ථකව ඉදිරියටත් කරගෙන යෑම උදෙසා පින්වත් ඔබගේද නොමසුරු දායකත්වය හිමියන්ට මහත්වූ ශක්තියක් වනු නොඅනුමානයි!

සැඳැහැති ඔබත් දායක වන්න

මෙය බෙදා හරින්න

Email WhatsApp