"මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයි" කියා, ආනන්දය, බොහෝ ජනයෝ සිත්පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ග ලෝකයෙහි උපදනාහුය. යම් කෙනෙක් එහි මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද, හොඳින් වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඒ කුසලය ඔවුන්ට බොහෝ කාලයක් වැඩ පිණිස සුව පිණිස වන්නේයැයි කීවෝය.
මේ වන විට වෙහෙර බැන්ඳගල වෙහෙර තිබූ ස්ථානයේම නැවත වෙහෙරක් සකසා වෙහෙර බැන්ඳගල කුටිය පන්සල බොහෝ පිරිසකට වන්දනාමාන කටයුතු උදෙසා විවර කරන්නට හිමියන් කටයුතු සලස්වමින් සිටිනවා. මේ වන විට ඉදිවෙමින් පවතින චෛත්‍යය උදෙසා දායකත්වය ලබාදෙන්නට ඔබටද මෙසේ අවස්ථාව ලබාදෙන්නේ වෙහෙර විහාර කරවීම සැබැවින්ම දෙලොවට වැඩ පිණිස වන යහපතක්ම ගෙන දෙන කටයුත්තක් නිසාමයි.
අඩි 71 ක උසකින් යුත් මේ චෛත්‍ය රාජයාණන්වහන්සේ ගොඩ නැගීම සඳහා රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් වැයවන අතර මේ වන විට මේ පුණ්‍ය කටයුත්තට මූලිකත්වය ගෙන ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන්නේ නිලංගනී හපන්ගම මැතිණියයි. ඇයටද මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ශක්තියක් වී මේ උතුම් කටයුත්තේ කොටස්කාරයෙක් වන්නට ඔබටද මෙසේ අවස්ථාව සලසා දෙන්නෙමු.