යම් ජනයෝ මල්වතු පලතුරු වතු වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේ දඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද, දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්ගයට යන දහම්හි පිහිටි සිල්වතුන් ඒ ජනයෝයි
මෙම පුණ්‍ය භූමිය තුල පොකුණු සෑදීම හුදු අලංකාරය පිණිස පමණක් කරන්නක් නොවේ. ඒවා සෑදීම තුලින් දුර්ලභ සත්ව ගහණයක් සිටින්නාවූ මෙම පුණ්‍ය භූමියේ ජෛව විවිධත්වය රැකගැනීමට පොකුණු නිසාවෙන් මහත් සේ රුකුලක් ලැබී තිබෙනවා. මේ වන විට පොකුණු 3ක් පමණ සාදා නිම වී ඇති අතර මුළු භූමියටම නිසි ලෙසින් නිසි ස්ථානයන්හි පොකුණු සෑදීමේ කටයුත්ත උදෙසා දායකත්වය ලබාදෙන්නට පරිසර හිතකාමී ඔබට අවස්ථාව තිබෙනවා.