මහණෙනි, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ඨියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ථ කොට ඇති බවම නිසා ආරණ්‍යයෙහි වසන්නෙක් වේද, මෙතෙම ආරණ්‍යයෙහි වසන්නාවූවන් අතරින් අග්‍රවූවෙක්ද, ශ්‍රේෂ්ඨ වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද අධිපති වූවෙක්ද වේ
වෙහෙර බැන්ඳගල කුටිය පන්සල භාවනා යෝගීන්ට නම් සැබැවින්ම හිතකර අරණකි. පෙරකල අරිහතුන්වහන්සේලා පවා වැඩසිටි ස්ථානයක් බවට ඒ භූමියේ ඇති විශ්වීය ශක්තිය සාක්ෂි දරයි. එයට අමතරම මෙම භූමිය අතීතයේ පටන්ගෙනම භාවනා යෝගීන්හට සෙවණ දුන්නාවූ ස්ථානයක් ලෙසට කටාරම් කෙටූ ගල් ලෙන්ද කිහිපයක්ම සාක්ෂි දරයි. වෙහෙරබැන්ඳගල පර්වත ලිපියේද සඳහන් වෙන්නේ මේ ස්ථානයේ වැඩ වාසය කරන්නට යෙදුනාවූ හිමිවරුන් උදෙසා අඩුපාඩු සොයා බලා ඉටු කල කටයුත්තක් පිළිබඳවයි.
මෙම වටිනාකම දිගටම පවත්වාගැනීම පිණිස මේ වන විටත් පොහොය වැඩසටහන් සහ භාවනා වැඩසටහන් කිහිපයක්ම සිදුකරන්නාවූ මෙම ස්ථානය තුල භාවනාවට හිතැති අධ්‍යාත්මික දියුණුව ලබමින් නිදහසේ සුව විඳීමට කැමැති දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට ප්‍රයෝජන ගත හැකි ලෙසින් භාවනා කුටි කිහිපයක් සැකසීම ජිනවංශතිස්ස හිමියන්ගේ අභිලාෂයයි. මෙම පුණ්‍ය කටයුත්තට දායක වීමට ඔබ සැමටම මෙසේ අවස්ථාව ලබා දෙමු.