වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

කුටිය පන්සල

වරදක් දුටු කල වරද පෙන්වා දෙන්නාවූ, යහපත්වූ කළණ මිතුරා නිධානයකට මඟ පෙන්වන්නෙක් වැනිය... එවන් වූ පණ්ඩිතයන් ඇසුර ලබන්නා හට අවැඩක් නොමවේ... යහපතක් අභිවෘද්ධියක්ම වේ... එබැවින් එවැනි ඇසුරම ලබන්නේ නම් මැනවි.

උතුම් ධම්ම පදය ඇසුරිනි

පෞරාණික පෞඩත්වය නැවතත්…

වන්දනීය තිස්ස හිමියන්ගේ අසීමිත කැපවීම මතින් වෙහෙර බැන්ඳ කුටිය රජමහා විහාරය නැවතත්  පෞඩත්වයෙන් නැඟී සිටී. පුරාවිද්‍යාත්මක අගයන්ට හෝ වේවා ජෛව විවිධත්වත්වයට හෝ වේවා හානියක් නොවන අයුරින් ඉතාමත් වගකීමෙන් යුතුව විහාර භූමිය දියුණුවට පත්කරන්නට හිමියන් මේ වන විට කැපවී සිටී.  

බෝ සමිඳුන් අභියසත් වෙහෙර මන්දිරයත් තුලත් මේ වන විට දහසක් සිත් සතන් සුවපත් කරමින් වන්දනා පූජාමය කටයුතු සිදුවෙමින් පවතී.  පෞරාණික වෙහෙර බැන්ඳ ගල මත නැවතත් වෙහෙරක්  ඉදිකොට ගම් වැසියන්ගේ හිත සුව පිණිස කටයුතු සිදු කරන්නට හිමියන් කැපවී සිටී. 

පොහෝ දින වැඩසටහන්, භාවනාමය වැඩසටහන් ඇතුලු තවත් පූජනීය වන්දනීය වැඩකටයුතු රැසක් මෙම ස්ථානයේ පවත්වා දෙමින් පින්කැමැති පෙනෙන නොපෙනෙන බොහෝ සත්ව පිරිස් වෙතට යහපතක් සලසා දෙන්නට පූජනීය තිස්ස හිමියන් සැමට අවවාද අනුශාසනා ලබාදෙයි.