මහා කඳු පර්වතයෝ සැඩ සුළඟෙන් යම් සේ නොසැලේද, නුවණැත්තෝ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලේ... එබැවින් නුවණැත්තන්ගේ ගුණ වඩමින් ලෝ දම් හමුවේ කම්පා නොවන උතුමෙක් වීමම මැනවි.
මොන යම් හෝ අවස්ථාවක ඔබ මේ පුණ්‍ය භූමියට පා තබන්නට යෙදුනහොත් එහි ස්වභාව සෞන්දර්යයට හානි නොවන අයුරින් සංවරත්වයෙන් යුතුව හැසිරීමට වග බලාගැනීම මිනිසෙක් වශයෙන් ඔබට කරන්නට හැකි අගනා යුතුකමකි.