වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

ජෛව විවිධත්වය

තමන් සේම අන් සත්වයෝද තම ජීවිතය ප්‍රිය කරති... වද හිංසාවන්ට අකමැත්තේ වේ... නුවණැතියෝ තමා උපමා කොට සිතා අන් සතුනට හිංසා නොකරති... එබැවින් තමා උපමා කොට සිතා මෙත් සිතින් යුතුවම වාසය කිරීම මැනවි.

උතුම් ධම්ම පදය ඇසුරිනි

සියලු සත සැනසෙන පින් බිමක්...

ජෛව විවිධත්ව කලාපයක් ලෙසින් ලෝකයේ සම්මානයට පවා පාත්‍ර වූ වෙහෙර බැන්ද කුටිය විහාර භූමිය ගත සිත නිවන්නට හැකි මනරම් සොබාදම් කලාපයකි. පරිසර විද්‍යාඥ ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විසින්ද මෙම පුණ්‍ය භූමියේ ඇති සොබාදහමේ සුවිශේෂීත්වය පිළිබඳව අධ්‍යනය කටයුතු සිදුකර එයට නිසි වටිනාකමක් ලබාදෙන්නට කටයුතු යොදා ඇත.

දැනට ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග දෙසිය ගණනකින් 82ක්ම මෙම භූමිය තම වාසස්ථානය බවට පත්කරගෙන ඇති අතර ආවේණික ගෙම්බන් වර්ග 8ක්, උරග විශේෂ 21ක්, ක්ෂීරපායී සත්ව විශේෂ 21ක්ද දක්නට ලැබේ. දැනට අනතුරට ලක්වී ඇති සත්ව විශේෂ 10ක් පමණද මෙම භූමිය තම වාසභවන කරගෙන ඇත.

මේ සෑම දෙයක්ම රැකෙන ආකාරයෙන් කටයුතු කරන්නට පූජ්‍ය ජිනවංශතිස්ස හිමියන් කටයුතු කරන ආකාරය අගය කල යුතුමය. සොබාදහම විනාශ කරමින් සත්ව හිංසාවන් කරන යුගයක උන්වහන්සේ විසින් මෙවන්වූ කටයුතු කර දෙන්නේ මතු පරපුරට නිසි ලෙසින් සොබාදහමේ දායකත්වය ලබාදීම පිණිසමයි.

Biodiversity

පරිසර විද්‍යාඥ ආචාර්ය චන්න බඹරදෙණිය මහතා විසින් සකස් කරන ලද වාර්ථාව...