වෙහෙර බැන්ද කුටිය පුරාණ විහාරය

ක්‍රි.ව. 5-6 ශතවර්ෂන්ට අයත් කුඩා රත්මලේ වෙහෙරබැන්ඳගල පර්වත ලිපිය පිහිටා තිබූ මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය රහතන් වහන්සේලාට සෙවණ දුන් පින්බිමකි.

වර්ථමානයේදී උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, අසරණ සරණ පූජ්‍යපාද වැලිසර ජිනවංශතිස්ස නාහිමිපාණන්ගේ රැකවරණය ලබන්නාවූ මෙම පුණ්‍ය භූමිය ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍ර වෙමින් ජෛව විවිධත්ව කලාපයක් ලෙසින් ලෝකයේ අවධානයට පවා ලක්වී තිබේ.  ස්වභාවදහමේ අගය මොනවට හඳුනාගනිමින් ඉතාමත් අලංකාර ලෙසින් පොකුණු ආදිය නිර්මාණය කරමින් ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යන්නාවූ මෙම පුණ්‍ය භූමියේ වැඩවාසය කරන්නාවූ ගෞරවණීය තිස්ස හිමියන් හුදෙක් ස්වභාවදහම රැකගනිමින් කටයුතු කරන අතර බාහිර ලෝකයේ හිස් ආටෝපයන්ට හසුව ගසාගෙන යන හිමිනමක් නම් නොවේ. 

කුටිය පන්සලේ සලරූ සිත්තම් බලන්න...


Tissa Thero

 

වන්දනීය ආනන්ද මෛත්‍රී හිමියන්ගේ පවා ඇසුර ලබමින් පරිණතභාවයට පත් ජිනවංශ තිස්ස හිමියන්ගෙන් සිදුවන නිහඬ සේවය මෙතැකැයි කියා නිම කල නොහැකියි. ගමයි පන්සලයි එකට එකතු කරන්නට ඉමහත් කැපකිරීම් කල තිස්ස හිමියන් පිළිබඳවත්, උන්වහන්සේගෙන් සිදුවන සේවය දැනගන්නටත්, ඓතිහාසිකව වැදගත් මෙම පුණ්‍ය භූමිය පිළිබඳවත්, එහි තොරතුරු දැනගන්නටත් මෙම වෙබ් අඩවිය තුලින් ඔබට හැකියාව ලැබේවා!!!

අපගේ නා හිමිපාණන් වහන්සේ 2022 දෙසැම්බර් 06 වන දින අප අතරින් නික්ම ගිය බව මෙසේ සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නෙමු! 

තිස්ස තෙරුන් ගැන දැනගන්න